Nitrogen: A Global Challenge (Sinhalese)
About this Course
නිසි ආකාරයෙන් නයිට්‍රජන් භාවිතා නොකිරීම විවිධාකාර වූ ව්‍යසනයන් ඇති කිරීමට හේතුවේ. ඉහල යන ජනගහනය නිසා මතුවන සීමිත ආහාර නිෂ්පාදනය, ජලය හා බලශක්තියේ අසමතුලිත බෙදීයාම සහ ගෝලීය උණුසුම්කරණය ආදී සියලු ගෝලීය අභියෝගවලදී නයිට්‍රජන් ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරයි. නයිට්‍රජන් මානව ශිෂ්ටාචාරය හා කොතරම් කාවැදී ඇත්ද, එය සාර්ථකව කළමනාකරණය කරගතහොත් අනාගතයේදී කෙතරම් ප්‍රයෝජනවත් වේද, නැතහොත් ව්‍යසනයන්/ අවැඩක් වේද යන්න මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගනු ඇත. දැනට නයිට්‍රජන් පිලිබඳ ඉගෙන ගැනීම විශේෂිතවූ වැදගත්කමක් නොදක්වන , සාමාන්‍ය පටිපාටියෙන් බැහැර වූ එකක් ලෙස සලකන අතර නිෂ්ක්‍රිය වායුවක් ලෙස පරිසරයට සහ ජෛව පද්ධති වලට මහඟු මෙහෙයක් සිදු කරයි . නයිට්‍රජන් ඔබට අවර්තිතා වගුවේ ඇති තවත් විශේෂිත නොවූ මුලද්‍රව්‍යයක් පමණක් යැයි සිතෙන්නේ නම් මේ එය නැවත සලකා බැලීමට කාලයයි. ඔබගේ මේ පිලිබඳ දැනුම සහ පසුබිම නොතකා මෙම නැවුම් පාඨමාලාව මගින් නයිට්‍රජන් සහ ඒ ආශ්‍රිත ගෝලීය වෙනස්කම් පිළිබඳ මූලික සංකල්ප ඔබට ඉගැන්වෙන අතර, එමගින් එහි අභියෝග සහ ප්‍රයෝජනයන් හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසනු ලැබේ. මෙම පාඨමාලාවේ ප්‍රධාන මාතෘකා ලෙස ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස, වායු දූෂණය, ජල දූෂණය, මානව සෞඛ්‍යය සහ ඒ ආශ්‍රිත තවත් වැදගත් දේ අන්තර්ගත වෙයි. එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ සම්මානලාභී ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීම යටතේ සිදු කරන මෙම පාඨමාලාව ඔබටද ඉගෙනගැනීමට අවස්ථාවක් ලබාදී ඇත. මෙම පාඨමාලාව හරහා නයිට්‍රිජන් මගින් පරිසරයට ඇතිවන අභියෝගයන් පිළිබඳ විශේෂඥ ප්‍රවේශයක් හා දැනුවත් කිරීමක් සිදු කරන අතර , එමගින් මානව ශිෂ්ටාචාරය මත ඇති කරන තර්ජන වඩාත් හොඳින් ඒකාබද්ධ ක්‍රමවේදයක් හරහා තිරසාර ලෙස නිරාකරණය කළ හැකි ආකාරයද පෙන්වා දෙයි. දශක ගණනාවක නයිට්‍රජන් හා ගෝලීය වෙනස්කම් පිළිබඳ පර්යේෂණ සිදු කර අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් විසින් ඉගැන්වීම් කරන, දැනට ලෝකයේ ඇති -ප්‍රථම පාඨමාලාව වන මෙය, ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන්, නයිට්‍රජන් කාර්යක්ෂමතාව පිළිබඳ නිව්ටන්-භාබා අථත්ය කේන්ද්‍රය (Newton-Bhabha Virtual Centre on Nitrogen Efficiency) මගින් සිදු කරයි.Created by: The University of Edinburgh
Level: Introductory

Related Online Courses
Con este curso aprenderás a desarrollar y operar un proyecto con una máquina CNC, a través de la simulación de un caso real y con el objetivo de producir piezas de ajedrez para una empresa lla... more
We are in the midst of an explosion of musical creativity as a result of technologies that allow you to record music using your laptop or tablet. Whether you are a singer, music producer, audio... more
Once project risks are identified and quantitatively analyzed, the project manager needs to make decisions. Having created probabilistic models of project risks, powerful methods of decision... more
এটি একটি নিখুঁত ঝড় । ক্রমবর্ধমান জনসংখ্যার মধ্যে সীমিত খাদ্য, পানি ও শক্তির অসম বিতরণ এবং জলবায়ুর উষ্ণায়ন পৃথিবীর জন্য চ্যালেঞ্জ । বিশ্বব্যাপী এই চ্যালেঞ্জসমূহে নাইট্রোজেন প্রধান ভ... more
Electric powertrains are estimated to propel a large part of road vehicles in the future, due to their high efficiency and zero tailpipe emissions. But, the cost and weight of batteries and the... more