RIT Classifieds>RIT Online Courses>Nitrogen: A Global Challenge (Sinhalese)

Nitrogen: A Global Challenge (Sinhalese)

About this Course

නිසි ආකාරයෙන් නයිට්‍රජන් භාවිතා නොකිරීම විවිධාකාර වූ ව්‍යසනයන් ඇති කිරීමට හේතුවේ. ඉහල යන ජනගහනය නිසා මතුවන සීමිත ආහාර නිෂ්පාදනය, ජලය හා බලශක්තියේ අසමතුලිත බෙදීයාම සහ ගෝලීය උණුසුම්කරණය ආදී සියලු ගෝලීය අභියෝගවලදී නයිට්‍රජන් ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරයි. නයිට්‍රජන් මානව ශිෂ්ටාචාරය හා කොතරම් කාවැදී ඇත්ද, එය සාර්ථකව කළමනාකරණය කරගතහොත් අනාගතයේදී කෙතරම් ප්‍රයෝජනවත් වේද, නැතහොත් ව්‍යසනයන්/ අවැඩක් වේද යන්න මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගනු ඇත. දැනට නයිට්‍රජන් පිලිබඳ ඉගෙන ගැනීම විශේෂිතවූ වැදගත්කමක් නොදක්වන , සාමාන්‍ය පටිපාටියෙන් බැහැර වූ එකක් ලෙස සලකන අතර නිෂ්ක්‍රිය වායුවක් ලෙස පරිසරයට සහ ජෛව පද්ධති වලට මහඟු මෙහෙයක් සිදු කරයි . නයිට්‍රජන් ඔබට අවර්තිතා වගුවේ ඇති තවත් විශේෂිත නොවූ මුලද්‍රව්‍යයක් පමණක් යැයි සිතෙන්නේ නම් මේ එය නැවත සලකා බැලීමට කාලයයි. ඔබගේ මේ පිලිබඳ දැනුම සහ පසුබිම නොතකා මෙම නැවුම් පාඨමාලාව මගින් නයිට්‍රජන් සහ ඒ ආශ්‍රිත ගෝලීය වෙනස්කම් පිළිබඳ මූලික සංකල්ප ඔබට ඉගැන්වෙන අතර, එමගින් එහි අභියෝග සහ ප්‍රයෝජනයන් හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සලසනු ලැබේ. මෙම පාඨමාලාවේ ප්‍රධාන මාතෘකා ලෙස ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස, වායු දූෂණය, ජල දූෂණය, මානව සෞඛ්‍යය සහ ඒ ආශ්‍රිත තවත් වැදගත් දේ අන්තර්ගත වෙයි. එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ සම්මානලාභී ආචාර්ය මණ්ඩලයක මෙහෙයවීම යටතේ සිදු කරන මෙම පාඨමාලාව ඔබටද ඉගෙනගැනීමට අවස්ථාවක් ලබාදී ඇත. මෙම පාඨමාලාව හරහා නයිට්‍රිජන් මගින් පරිසරයට ඇතිවන අභියෝගයන් පිළිබඳ විශේෂඥ ප්‍රවේශයක් හා දැනුවත් කිරීමක් සිදු කරන අතර , එමගින් මානව ශිෂ්ටාචාරය මත ඇති කරන තර්ජන වඩාත් හොඳින් ඒකාබද්ධ ක්‍රමවේදයක් හරහා තිරසාර ලෙස නිරාකරණය කළ හැකි ආකාරයද පෙන්වා දෙයි. දශක ගණනාවක නයිට්‍රජන් හා ගෝලීය වෙනස්කම් පිළිබඳ පර්යේෂණ සිදු කර අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් විසින් ඉගැන්වීම් කරන, දැනට ලෝකයේ ඇති -ප්‍රථම පාඨමාලාව වන මෙය, ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන්, නයිට්‍රජන් කාර්යක්ෂමතාව පිළිබඳ නිව්ටන්-භාබා අථත්ය කේන්ද්‍රය (Newton-Bhabha Virtual Centre on Nitrogen Efficiency) මගින් සිදු කරයි.

Created by: The University of Edinburgh

Level: Introductory


Related Online Courses

In this course you will learn how to turn solar cells into full modules; and how to apply full modules to full photovoltaic systems. The course will widely cover the design of photovoltaic... more
Are you interested in taking your first steps in robotics? Do you seek a practical approach and want to learn by doing? Join our course and learn how to program a complete real-world robotic system... more
Model-based systems engineering (MBSE) is a contemporary systems engineering methodology that uses conceptual models for communication between system architects, designers, developers, and... more
A transition to sustainable energy is needed for our climate and welfare. In this engineering course, you will learn how to assess the potential for energy reduction and the potential of renewable... more
What is the role of mining in a sustainable world? What challenges lie ahead, and how is the mining industry responding to meet our demand for minerals as well as our expectations of a sustainable... more

CONTINUE SEARCH

FOLLOW COLLEGE PARENT CENTRAL